• Increase font size
  • Default font size
  • Decrease font size

2021-07-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2021/2022 මහ කන්නය වෙනුවෙන් වී වගාව සඳහා ගොවීන් විසින්ම පොහොර නිෂ්පාදනය කර භාවිතය දිරි ගැන්වීම සඳහා වු වැඩපිළිවෙල
- 2021/2022 මහ කන්නය වෙනුවෙන් හෙක්ටයාර 800,000ක පමණ වී වගාව සඳහා වන කාබනික පොහොර අවශ්‍යතාව සලසා ගැනීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් වැඩපිළිවෙලක් සැලසුම් කර ඇත. ඒ යටතේ ප්‍රධාන වශයෙන් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ මග පෙන්වීම මත ගොවීන් විසින් ප්‍රමිතියෙන් යුතු කාබනික පොහොර නිපදවීම සඳහා යොමු කිරීමටත්, බලපත්‍රලාභී නිෂ්පාදකයින් විසින් නිෂ්පාදනය කරනු ලබන කාබනික පොහොර ප්‍රමාණය වැඩි කිරීමටත් අවශ්‍ය පියවර දැනටමත් ගනු ලැබ ඇත. ඒ අනුව, කාබනික පොහොර නිපදවීමට ගොවීන් දිරිමත් කිරීම සඳහා කාබනික පොහොර නිෂ්පාදනය කර තම ගොවිතැන්වලට භාවිත කරන ගොවීන්ට හෙක්ටයාරකට රුපියල් 12,500/- බැගින් උපරිම වශයෙන් හෙක්ටයාර 02ක් (අක්කර 05) නොඉක්මවන පරිදි දිරි දීමනාවක් ගෙවීම පිණිස කෘෂිකර්ම අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.