• Increase font size
  • Default font size
  • Decrease font size

2021-07-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වසර මැද මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව
- 2003 අංක 3 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම) පනතෙහි 10 වන වගන්තියෙහි විධිවිධාන පරිදි වසර මැද මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව මුදල් අමාත්‍යවරයා විසින් මහජනතාව වෙත සෑම මුදල් වර්ෂයකම ජුනි මාසයේ අවසාන දින වන විට නිකුත් කළ යුතු අතර, ඉන් අනතුරුව එම වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කළ යුතු වේ. ඒ අනුව, 2021 ජුනි මස 30 දින නිකුත් කර ඇති 2021 වසර මැද මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීම පිණිස මුදල් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.