• Increase font size
  • Default font size
  • Decrease font size

2021-07-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ක්‍රීඩාවේ සහයෝගිතාව ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාව හා රුසියානු සමූහාණ්ඩුව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම
- ශ්‍රී ලංකාව හා රුසියානු සමූහාණ්ඩුව අතර ක්‍රීඩා ක්ෂේත්‍රයේ සහයෝගිතාව ශක්තිමත් කිරීම සඳහා ද්විපාර්ශ්වික අවබෝධතා ගිවිසුමකට එළඹීමට යෝජනා වී ඇත. මේ යටතේ, මලල ක්‍රීඩා, පිහිනුම්, ජිම්නාස්ටික්, ‍අත්පන්දු, බර ඉසිලීම, මල්ලව පොර, කඩු හරඹ, පාපන්දු හා ස්කොෂ් යන ක්‍රීඩා ඉසව් ප්‍රමුඛව සියලු ක්‍රීඩා ක්ෂේත්‍රයන් සඳහා ක්‍රීඩා තරග සංවිධානය, උසස් අධ්‍යාපන ක්‍රීඩා ආයතන, ක්‍රීඩා සම්මේලන සහ වෙනත් පිළිගත් ක්‍රීඩා ව්‍යූහයන් අතර වැඩසටහන්, අත්දැකීම් සහ තොරතුරු හුවමාරු කර ගැනීමට අපේක්ෂා කෙරේ. ඒ අනුව, යෝජිත අවබෝධතා ගිවිසුමට එළඹීම පිණිස තරුණ හා ක්‍රීඩා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.