• Increase font size
  • Default font size
  • Decrease font size

2021-07-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ ජපානයේ මෙයිජෝ විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම
- ශිෂ්‍ය හා කාර්යමණ්ඩල හුවමාරු වැඩසටහන් සංවිධානය කිරීම, පොදු උනන්දුවක් දක්වන ක්ෂේත්‍රයන්හි අධ්‍යයන ප්‍රකාශන හා අධ්‍යයන ද්‍රව්‍ය හුවමාරු කර ගැනීම, ඒකාබද්ධ අධ්‍යයන හා විද්‍යාත්මක ක්‍රියාකාරකම් යටතේ දේශන, සම්මන්ත්‍රණ හා සමුළු සංවිධානය කිරීම ආදී අරමුණු සහිතව පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ ජපානයේ මෙයිජෝ විශ්වවිද්‍යාලය අතර උසස් අධ්‍යාපනික සහයෝගිතාව ඇති කර ගැනීම සඳහා වන අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.