• Increase font size
  • Default font size
  • Decrease font size

2021-07-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ චීනයේ චෙංඩු කෘෂිකාර්මික විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම
- දෙපාර්ශ්වය අතර අධ්‍යාපන හා විද්‍යාත්මක පර්යේෂණ පිළිබඳ දත්ත හා තොරතුරු හුවමාරු කර ගැනීම, කාර්යමණ්ඩල හා සිසුන් හුවමාරු කර ගැනීම, ඒකාබද්ධ විෂය මාලා සංවර්ධනය හා බෙදා හැරීම, තේ හා ඖෂධ භෝග පිළිබඳ ඒකාබද්ධ පර්යේෂණ පැවැත්වීම හා නිෂ්පාදනය ආදී ක්ෂේත්‍රයන්හි සහයෝගිතාව ඇති කර ගැනීමේ අරමුණු සහිතව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ චීනයේ චෙංඩු කෘෂිකාර්මික විද්‍යාලය අතර සහයෝගිතාව වර්ධනය කර ගැනීම උදෙසා වන අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.