• Increase font size
  • Default font size
  • Decrease font size

2021-07-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
එම්වී එක්ස්ප්‍රස් පර්ල් නැවේ ගින්න හේතුවෙන් සිදු වී ඇති හානි සඳහා වන්දි ගෙවීම් නිර්දේශ කිරීම සඳහා කමිටු පත් කිරීම
- එම්වී එක්ස්ප්‍රස් පර්ල් නැවේ හටගත් ගින්න හේතුවෙන් සිදු වූ සමුද්‍රීය විනාශයෙන් බලපෑමට ලක් වූ පාර්ශ්වයන්ට වන්දි ගෙවීම සඳහා අතුරු වන්දියේ පළමු කොටස වශයෙන් රුපියල් මිලියන 720ක් අනුමත වී ඇත. එම මුදලින් ධීවර ජනතාවට අදාළ වන්දි ගෙවීම පිණිස නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ධීවර අමාත්‍යාංශයේ ලේකම්ගේ ප්‍රධානත්වයෙන් සහ අනෙකුත් අදාළ ආයතනවල නිලධාරින්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමටත්, ධීවර අංශය හැර අනෙකුත් පීඩාවට පත් අංශවල අදාළ පාර්ශ්වයන්ට වන්දි ගෙවීම පිණිස නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම්ගේ සභාපතිත්වය යටතේ අනෙකුත් අදාළ අමාත්‍යාංශ ලේකම්වරුගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමටත් අධිකරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.