• Increase font size
  • Default font size
  • Decrease font size

2021-07-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කළ රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීම
- කොවිඩ් - 19 වසංගත තත්ත්වය හමුවේ ඇතිවූ අනපේක්ෂිත ආර්ථික තත්ත්වය හේතුවෙන් විදේශ සංචිත හා මූල්‍ය වෙළෙඳපොල මත ඇතිවූ පීඩනය අවම කිරීම සඳහා භාණ්ඩ ආනයනය සීමා කිරීමට 2020 අප්‍රේල් මස සිට පියවර ගෙන ඇත. එසේ වුවද, දේශීය කර්මාන්ත සුරක්ෂිත කිරීමට හා අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා අඛණ්ඩව පහසුකම් සැලසීම පිණිස අතිගරු ජනාධිපතිතුමා විසින් පත් කරන ලද තීරු බදු නිර්ණය කිරීමේ කමිටුවේ නිර්දේශය මත පහත සඳහන් පියවර ගනු ලැබ ඇත.

* සැපයුම්කරුවන්ගේ ණය පහසුකම් මත ආනයනය කිරීමට ඉඩ දී ඇති භාණ්ඩ සාමාන්‍ය පරිදි ආනයනය කිරීම සඳහා අවසර ලබා දීම.

* තෝරාගත් ඇතැම් කෘෂි නිෂ්පාදන, ප්ලාස්ටික් භාණ්ඩ, සෙරමික් භාණ්ඩ, වාහන සහ දැවමය නිෂ්පාදන ආනයනය කිරීමේ සීමා තවදුරටත් පවත්වාගෙන යාම.

* ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිර්දේශය මත පමණක් ඔක්සිජන් සහ ශ්වසන උපකරණ ආනයනය කිරීමට අවසර ලබා දීම.

* ආනයන පාලන බලපත්‍ර ක්‍රමය යටතට ආනයනික රත්‍රං සහ මුහුණු ආවරණ ඇතුළත් කිරීම.

ඒ අනුව, 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කරනු ලැබ ඇති 2021 ජුනි මස 11 දිනැති ගැසට් පත්‍රයන්හි ප්‍රකාශයට පත් කරන ලද රෙගුලාසි 3ක් පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම පිණිස මුදල් අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.