• Increase font size
  • Default font size
  • Decrease font size

2021-07-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
විශේෂ කාර්ය සඳහා වූ විශ්වවිද්‍යාල පිහිටුවීමට අවශ්‍ය ප්‍රතිපාදනය ඇතුළත් කිරීම සඳහා 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත සංශෝධනය කිරීම
- විශේෂ කාර්ය සඳහා වූ විශ්වවිද්‍යාල පිහිටුවීමට අවශ්‍ය ප්‍රතිපාදන ඇතුළත් කරමින් 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත සංශෝධනය කිරීම සඳහා මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී තිබේ. එම පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමට හා ඉන් අනතුරුව, අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.