• Increase font size
  • Default font size
  • Decrease font size

2021-07-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත යටතේ පළ කරන ලද ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම
- අපනයනකරුවන් විසින් ඉදිරිපත් කරන අපනයන වටිනාකම්, ශ්‍රී ලංකා රේගුව වෙත ඉදිරිපත් කරනු ලබන අපනයන දත්ත සමඟ සංසන්දනය කිරීමට හැකි වන පරිදි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් ලබා ගත හැකි 6 සහ 7 වන උපලේඛන සම්පූර්ණ කර ඉදිරිපත් කිරීම අනිවාර්ය කර 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත යටතේ මුදල් ඇමතිතුමා විසින් නියෝගයක් පනවමින් අංක 2228/33 හා 2021 මැයි මස 20 දිනැති ගැසට් නිවේදනය නිකුත් කර ඇත. ඒ අනුව, එකී නියෝගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස මුදල් අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.