• Increase font size
  • Default font size
  • Decrease font size

2021-07-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආරණ්‍ය සේනාසන සංරක්ෂණ පනත
- ආරණ්‍ය සේනාසනවල වෙසෙන භික්ෂුන් වහන්සේලාගේ අනන්‍යතාව ආරක්ෂා කරමින් ආරණ්‍ය සේනාසන සංරක්ෂණය කිරීමට හා පවත්වාගෙන යාමට විධිමත් වැඩපිළිවෙලක් සකස් කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇත. ඒ අනුව, එම කාර්යය සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.