• Increase font size
  • Default font size
  • Decrease font size

2021-07-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොළඹ කොටුව බහු මහල් රථගාල හා මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය දෙවන අදියර සඳහා කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
- කොළඹ කොටුව බහු මහල් රථගාල හා මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියේ දෙවන අදියර වන උපරි ව්‍යුහය සැලසුම් කර ඉදිකිරීම සඳහා ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කර ලංසු කැඳවා ඇත. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි අවම ලංසුව ඉදිරිපත් කර ඇති තුඩාවේ බ්‍රදර්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් වෙත අදාළ කොන්ත්‍රාත්තුව පිරිනැමීම පිණිස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.