• Increase font size
  • Default font size
  • Decrease font size

2021-07-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා කජු සංස්ථාවට අයත් කොණ්ඩච්චි වතුයාය ශ්‍රී ලංකා කජු සංස්ථාව හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සමඟ ඒකාබද්ධව ප්‍රතිස්ථාපනය කිරීම
- 1979 දී ශ්‍රී ලංකා කජු සංස්ථාව විසින් රජයෙන් ලබාගත් මන්නාරම දිස්ත්‍රික්කයේ මුසලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කොණ්ඩච්චි ග්‍රාමයේ අක්කර 6000ක පමණ භූමි ප්‍රමාණයක කජු වගාවක් ආරම්භ කර පවත්වාගෙන ගොස් ඇති අතර පැවති යුධමය වාතාවරණය හේතුවෙන් එම වගා කටයුතු අඩපණ වී ඇත. මේ වන විට ශ්‍රී ලංකා කජු සංස්ථාව සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව එම ඉඩම් ප්‍රමාණයෙන් අක්කර 935ක පමණ කජු වගා කිරීමට පියවර ගෙන ඇත. 2021 වර්ෂයේ අයවැය මඟින් කොණ්ඩච්චි වතුයායේ කජු වගාව ප්‍රතිස්ථාපනය කිරීම සඳහා රුපියල් මිලියන 125ක ප්‍රතිපාදන වෙන් කර තිබේ. එම ප්‍රතිපාදන ප්‍රයෝජනයට ගෙන ශ්‍රී ලංකා කජු සංස්ථාව විසින් අක්කර 1500ක කජු වගා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමටත්, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මඟින් දැනටමත් වගා කර ඇති අක්කර 935ක භූමි ප්‍රමාණයට අමතරව තවත් අක්කර 500ක කජු වගා කිරීමටත් සැලසුම් කර ඇත. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන වගා කටයුතු සඳහා අවශ්‍ය පැළ ලබා දීම, තාක්ෂණික සහාය සහ පුහුණු කිරීම හා අධීක්ෂණ කටයුතු ශ්‍රී ලංකා කජු සංස්ථාව මඟින් සිදු කිරිමටත්, වගාවේ නඩත්තු කටයුතු එම දෙපාර්තමේන්තුව විසින් සිදු කිරීමටත් දෙපාර්ශ්වය අතර එකඟතාවක් ඇති කරගෙන ති‍බේ. ඒ අනුව කටයුතු කිරීම පිණිස වැවිලි අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.