• Increase font size
  • Default font size
  • Decrease font size

2021-07-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හඳුනාගත් වාරි සංවර්ධන ව්‍යාපෘති සඳහා ඉඩම් අත්කර ගැනීම කඩිනම් කිරීම
- ඉඩම් අත්කර ගැනීමේ පනතට සුදුසු සංශෝධන හඳුන්වා දෙනු ලබන තෙක් රජයේ කාර්යයන් සඳහා අත් කර ගනු ලබන ඉඩම් වෙනුවෙන් වන්දි ගෙවීම සඳහා 'ලාර්ක්' සහ 'සුපර් ලාර්ක්' ක්‍රමවේදය අදාළ කර ගැනීම පිණිස 2021 පෙබරවාරි මස 01 දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, ප්‍රමුඛ ව්‍යාපෘති වශයෙන් හඳුනාගෙන ඇති උතුරු, උතුරු මැද, මධ්‍යම, වයඹ හා නැගෙනහිර පළාත්වල පානීය හා වාරි ජල සැපයුම් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා අත්පත් කර ගැනීමට නියමිත ඉඩම් වෙනුවෙන් අදාළ හිමිකරුවන්ට 'ලාර්ක්' සහ 'සුපර් ලාර්ක් ' ක්‍රමවේදය අනුගමනය කරමින් වන්දි ගණනය කොට ගෙවීම පිණිස වාරිමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.