• Increase font size
  • Default font size
  • Decrease font size

2021-07-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දේශීය වෙ‍ෙළඳපොළ මිල ස්ථායීකරණය සඳහා ලංකා සතොස හා සමූපකාර ක්ෂේත්‍රයේ මැදිහත් වීම මත අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයීම
- කොවිඩ් - 19 වසංගත තත්ත්වය තුළ දේශීය වෙළෙඳපොළේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව පවත්වාගෙන යාමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇත. මේ වන විට දේශීය වෙළෙඳපොලේ විශේෂයෙන්ම රතු පරිප්පු සහ සුදු සීනි ඉහළ මිල ගණන්වලට අලෙවි කරන බව නිරීක්ෂණය වී ඇත. ඊට පිළියමක් වශයෙන් ඉන්දියාවෙන් සහ ඕස්ට්‍රේලියාවෙන් සීනි සහ රතු පරිප්පු සෘජුවම සමුපකාර ව්‍යාපාරය මැදිහත් වීම මත ආනයනය කර ලංකා සතොස ආයතනය සහ සමූපකාර වෙළෙඳ ජාලය හරහා අලෙවි කිරීමට හැකියාව ඇති බව පෙනී ගොස් තිබේ. ඒ අනුව, අවශ්‍ය පියවර ගැනීම සඳහා වෙළෙඳ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.