• Increase font size
  • Default font size
  • Decrease font size

2021-07-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික කොරියා නාවික හා සාගර විශ්වවිද්‍යාලය හා ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම
- අධ්‍යයන, පර්යේෂණ හා පරිපාලන කාර්යමණ්ඩල හුවමාරුව, ශිෂ්‍ය හුවමාරුව, සාමූහික පර්යේෂණ, දේශන හා සම්මන්ත්‍රණ පිළිබඳ අධ්‍යාපනික සහයෝගිතාව සහ අධ්‍යයන තොරතුරු හා ද්‍රව්‍ය හුවමාරුව ආදී සහයෝගිතා ක්‍රියාකාරකම් දිරිමත් කරමින් ජාතික කොරියා නාවික හා සාගර විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීමට දෙපාර්ශ්වය අතර එකඟතාව ඇති කරගෙන ඇත. ඒ අනුව, අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.