• Increase font size
  • Default font size
  • Decrease font size

2021-07-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර රේගු කටයුතු පිළිබඳ අ‍න්‍යෝන්‍ය සහයෝගිතාව සහ පරිපාලනමය සහාය පිළිබඳ ගිවිසුම
- රේගු බදු හා වෙනත් බදු නිවැරදි ව තක්සේරු කිරීම, රේගු පරිපාලනය විසින් නිශ්චිත භාණ්ඩ සම්බන්ධයෙන් වන තහනම් කිරීම්, සීමා කිරීම් හා පාලන ක්‍රියාමාර්ග නිසි ලෙස බලාත්මක කිරීම, රේගු වැරදිවලට එරෙහිව රේගු නීතිය ඵලදායීව බලාත්මක කිරීම ආදී අරමුණු සහිතව ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර රේගු කටයුතු පිළිබඳ අ‍න්‍යෝන්‍ය සහයෝගිතාව සහ පරිපාලනමය සහාය සම්බන්ධයෙන් ගිවිසුමකට එළඹීමට එකඟ වී ඇත. ඒ අනුව, යෝජිත ගිවිසුම දෙරට අතර අත්සන් කිරීම පිණිස මුදල් අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.