• Increase font size
  • Default font size
  • Decrease font size

2021-06-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
'ප්‍රතිසාධනය සඳහා වූ ප්‍රතිචාරාත්මක COVID - 19 එන්නත් ව්‍යාපෘතිය' (RECOVER) සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍යාධාර ලබා ගැනීම
- 'ප්‍රතිසාධනය සඳහා වූ ප්‍රතිචාරාත්මක COVID - 19 එන්නත් ව්‍යාපෘතිය' (RECOVER) ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 150ක ණය මුදලක් ලබා ගැනීමට සැලසුම් කර ඇත. එම මුදලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 84ක් ආසියානු පැසිෆික් එන්නත් ප්‍රවේශ පහසුකම යටතේ ද, ඉතිරි ඇමෙරිකානු ඩොලර් මිලියන 66 ආසියානු සංවර්ධන බැංකුවේ පොදු ප්‍රාග්ධන සම්පත් අරමුදලේ නිත්‍ය දේශීය ප්‍රතිපාදන යටතේ ද ලබා ගැනීමට අපේක්ෂා කරනු ලබයි. මෙම ව්‍යාපෘතියේ සමස්ත පිරිවැය ඇමෙරිකානු ඩොලර් මිලියන 161.85ක් වන අතර, ශ්‍රී ලංකා රජය විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 11.85ක් දරනු ඇත. එන්නත්කරණය සඳහා වන පිරිවැය දැරීම, එන්නත් ආශ්‍රිත අධීක්ෂණ පද්ධති ස්ථාපිත කිරීම, ශීතාගාර සහිත ප්‍රවාහන පහසුකම් සැලසීම සහ සායනික අපද්‍රව්‍ය කළමනාකරණය ශක්තිමත් කිරීම ඇතුළු තවත් අනුබද්ධ ක්‍රියාකාරකම් කිහිපයක් සඳහා එම ණය මුදල යොදා ගැනීමට සැලසුම් කර තිබේ. ඒ අනුව, එකී ණය මුදල ලබා ගැනීමට අදාළ ඉදිරි කටයුතු සිදු කිරීම පිණිස මුදල් අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.