• Increase font size
  • Default font size
  • Decrease font size

2021-06-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් දැනට පවත්නා වීසා වලංගු කාලය ප්‍රතිශෝධනය කිරීම සඳහා ආගාමික හා විගාමික පනතට සංශෝධන
- ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියට අදාළව වර්තමානයේ පවතින වීසා කාල සීමාව සංශෝධනය කිරීම සඳහා ආගාමික හා විගාමික පනත සංශෝධනය කිරීම පිණිස නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කර අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස ආරක්ෂක අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත මීට පෙර යෝජනාවක් ඉදිරිපත් කරන ලදී. එකී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කර තවදුරටත් සිදු කළ යුතු සංශෝධන පවතී නම් ඒ පිළිබඳව අමාත්‍ය මණ්ඩලයට කරුණු ඉදිරිපත් කරන ලෙස 2021 අප්‍රේල් මස 05 දිනැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අධිකරණ අමාත්‍යතුමාගෙන් ඉල්ලා සිටින ලදී. ඒ අනුව, අදාළ පාර්ශ්වයන් සමඟ අධිකරණ අමාත්‍යතුමා විසින් සාකච්ඡා කර ඇති අතර, අදාළ පනත් කෙටුම්පත ඒ ආකාරයෙන්ම පාර්ලිමේන්තුව මඟින් සම්මත කිරීම යෝග්‍ය බවට අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ කර ඇත. එකී නිර්දේශය සැලකිල්ලට ගෙන ආගාමික හා විගාමික පනත සංශෝධනය කිරීම පිණිස සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා අතිගරු ජනාධිපතිතුමා විසින් 2021 පෙබරවාරි මස 23 දිනැති අමාත්‍ය මණ්ඩල සංදේශය මඟින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.