• Increase font size
  • Default font size
  • Decrease font size

2021-06-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අන්තරායකර සත්ත්ව ආඥාපනතට සංශෝධන
- අන්තරායකර සත්ත්ව ආඥාපනත වර්තමාන අවශ්‍යතාවන්‍ට අනුව සංශෝධනය විය යුතු බවට අධිකරණ අමාත්‍යාංශයේ විශේෂ ඒකකයේ අපරාධ නීති ප්‍රතිසංස්කරණය සඳහා වන අනුකමිටුව විසින් නිර්දේශ කර ඇත. ඒ අනුව, 1921 අංක 38 දරන අන්තරායකර සත්ත්ව ආඥාපනත සංශෝධනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස අධිකරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.