• Increase font size
  • Default font size
  • Decrease font size

2021-06-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1998 අංක 53 දරන ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ පනත සංශෝධනය කිරීම
- ජලජීවී වගාව නියාමනය, ප්‍රවර්ධනය හා කළමනාකරණය කිරීමේ පුළුල් බලතල ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලැබෙන පරිදි 1998 අංක 53 දරන ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය පනත සංශෝධනය කිරීම සඳහා 2017 අගෝස්තු මස 15 දිනැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, සිදු කළ යුතු සංශෝධන සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විෂයභාර අමාත්‍යවරයා විසින් කමිටුවක් පත් කර ඇත. එම කමිටුව විසින් එකී පනත සංශෝධනය කිරීමට අදාළ යෝජනා ඉදිරිපත් කර ඇති අතර, එකී යෝජනා අනුව 1998 අංක 53 දරන ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය පනත මෙන්ම ඊට සමගාමීව 2006 අංක 22 දරන පනතින් සංශෝධිත 1996 අංක 2 දරන ධීවර හා ජලජ සම්පත් පනත සංශෝධනය කළ යුතු බවට නිර්දේශ කර ඇත. ඒ අනුව, කමිටුව විසින් සකස් කරනු ලැබ ඇති කෙටුම්පත මත පදනම්ව, 1998 අංක 53 දරන ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය පනත සහ ඊට සමගාමීව 1996 අංක 2 දරන ධීවර හා ජලජ සම්පත් පනත සංශෝධනය කිරීම සඳහා ධීවර අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.