• Increase font size
  • Default font size
  • Decrease font size

2021-06-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා රජයේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවල ආයෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාව තුළ සංස්ථාපිත සමාගම්වලට පහසුකම් සැලසීම
- බලපත්‍රලාභී වාණිජ බැංකු කිහිපයක් සහ ශ්‍රී ලංකාවේ ලියාපදිංචි සමාගම් කිහිපයක් විසින් ශ්‍රී ලංකා රජයේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවල ආයෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත ණය ලබා ගැනීමට කැමැත්ත ප්‍රකාශ කර ඇත. මෙරටට ලබාගත හැකි සමස්ත ප්‍රතිලාභය සැලකිල්ලට ගෙන, ඇතැම් කොන්දේසිවලට යටත්ව, ශ්‍රී ලංකා රජයේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර/ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර මිල දී ගැනීම සඳහා බලපත්‍රලාභී වාණිජ බැංකුවලට, ජාතික ඉතිරි කිරීමේ බැංකුවට සහ අවස්ථානුකූලව 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි මූල්‍ය නොවන සමාගම් සඳහා අවසර ලබා දීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය එකඟතාව පළ කර ඇත. ඒ අනුව, කටයුතු කිරීම පිණිස 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි මූල්‍ය නොවන සමාගම් වෙත අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 7(1) වගන්තිය යටතේ නියෝග ප්‍රකාශයට පත් කිරීමටත්, එකී නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මුදල් අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.