• Increase font size
  • Default font size
  • Decrease font size

2021-06-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මෙරටින් පිටත සිදු කරනු ලබන විදේශ විනිමය ප්‍රේෂණ පාලනය කිරීම සඳහා 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 22 වන වගන්තිය යටතේ නිකුත් කර ඇති නියෝගය තවදුරටත් දීර්ඝ කිරීම
- කොවිඩ් - 19 වසංගතය හේතුවෙන් රටේ විදේශ සංචිත හා විදේශ විනිමය වෙළෙඳපොළට සිදු විය හැකි ඍණාත්මක බලපෑම සැලකිල්ලට ගෙන, ඇතැම් ගනුදෙනුවලට සම්බන්ධිත බාහිර ප්‍රේෂණ අත්හිටුවීම සඳහා 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 22 වන වගන්තිය යටතේ නියෝග පනවා ඇත. එම නියෝගවල වලංගු කාල සීමාව 2021 ජූලි මස 01 දින අවසන් වීමට නියමිත අතර, විදේශ විනිමය වෙළෙඳපොළෙහි ඇති විය හැකි අවදානම අවම කිරීමට සහ මූල්‍ය පද්ධති‍යේ ස්ථාවරත්වය පවත්වාගැනීම පිණිස එකී නියෝග තවදුරටත් ක්‍රියාත්මක විය යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව අදහස් කරනු ලබයි. ඒ අනුව, විදේශ විනිමය බාහිර ප්‍රේෂණ මත ඇතැම් සීමාවන්/තහනම් කිරීම් පනවමින් 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 22 වන වගන්තිය යටතේ පනවා ඇති නියෝග තවදුරටත් 2021 ජුලි මස 02 දින සිට මාස 06ක කාලයකට දීර්ඝ කිරීම පිණිස මුදල් අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.