• Increase font size
  • Default font size
  • Decrease font size

2021-06-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ප්‍රත්‍ය පහසුකම් සපයා ගැනීම දුෂ්කර ආගමික ස්ථාන සඳහා ප්‍රත්‍ය පහසුකම් සැපයීම
- දිවයින පුරා පවතින කොවිඩ් - 19 වසංගත තත්ත්වය සහ වරින්වර පනවනු ලබන සංචරණ සීමා හේතුවෙන් දායකයින් වෙතින් ප්‍රත්‍ය පහසුකම් සපයා ගැනීම දුෂ්කර වී ඇති ආගමික ස්ථාන වෙත වියළි සලාක සපයා දීමේ වැඩසටහනක් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් සැලසුම් කර ඇත. ඒ අනුව, ලංකා සතොස ලිමිටඩ් ආයතනය වෙතින් මිලදී ගන්නා රුපියල් 5,000/-ක් වටිනා වියලි ආහාර ද්‍රව්‍ය ඇතුළත් පාර්සල් එම ආයතනයේ බෙදා හැරීම් ඒකකය මඟින් හඳුනාගත් විහාරස්ථාන හා ආගමික ස්ථාන වෙත බෙදා හැරීම පිණිස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.