• Increase font size
  • Default font size
  • Decrease font size

2021-06-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වැලිකඩ බන්ධනාගාරය පුනස්ථාපනය කිරීම සඳහා වෙන් කර ඇති සීමාසහිත බී.සී.සී. ලංකා සමාගම සතු ඉඩම නැවත පවරා ගැනීම
- වැලිකඩ බන්ධනාගාරය එම ස්ථානයෙන් ඉවත් කර සීමාසහිත බී.සී.සී. ලංකා සමාගම සතු අක්කර 06 රූඩ් 03 පර්චස් 8.77ක් වන ඉඩම් කොටසක ප්‍රතිස්ථාපනය කිරීම සඳහා 2016 ජුලි මස 12 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. එහෙත්, මේ වන විට වැලිකඩ බන්ධනාගාරය නාගරික සංවර්ධන අධිකාරියට අයත් හොරණ ප්‍රදේශයේ ඉඩමක ඉදි කරනු ලබන ගොඩනැඟිලි සංකීර්ණයක ප්‍රතිස්ථාපනය කිරීම සඳහා රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගනු ලැබ ඇත. ඒ අනුව, නාගරික සංවර්ධන අධිකාරිය විසින් සකස් කරනු ලැබ ඇති සංවර්ධන සැලැස්මට අනුගතව අදාළ ඉඩම් කොටස බී.සී.සී. ලංකා සමාගමේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා යොදා ගැනීම සම්බන්ධයෙන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමාගේ එකඟතාව ඇතිව කර්මාන්ත ඇමතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.