• Increase font size
  • Default font size
  • Decrease font size

2021-06-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව සඳහා වන ජපාන ආධාර වැඩසටහන - 2021
- රාජ්‍ය අංශයේ විධායක ශ්‍රේණියේ නිලධාරින්හට ජපානයේ පිළිගත් විශ්වවිද්‍යාලයන්හිදී පශ්චාත් උපාධි පාඨමාලාවන් හැදෑරීම සඳහා ජපාන රජය විසින් "මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව සඳහා වන ජපාන ආධාර වැඩසටහන" 2010 වර්ෂයේ සිට ක්‍රියාත්මක කරනු ලබයි. මෙම වැඩසටහන යටතේ මේ වන විට පශ්චාත් උපාධි පාඨමාලා අවස්ථා 180ක් සහ ආචාර්ය උපාධි පාඨමාලා 08ක් සඳහා අවශ්‍ය පහසුකම් ශ්‍රී ලංකාවට ලබා දී ඇත. 2021 සැප්තැම්බර් මාසයේදී අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇති කණ්ඩායම සඳහා ජපන් යෙන් මිලියන 271ක (ආසන්න වශයෙන් රුපියල් මිලියන 488) ප්‍රදාන අරමුදල් ලබා දීමට ජපාන රජය එකඟ වී තිබේ. ඒ අනුව, එම ප්‍රදානය ලබා ගැනීම පිණිස වන හුවමාරු ලිපි ජපාන රජය සමඟ අත්සන් තැබීමටත්, එම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JICA) සමඟ ගිවිසුමකට එළඹීමටත් මුදල් අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.