• Increase font size
  • Default font size
  • Decrease font size

2021-06-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
"ජාතික බලශක්ති දිනය" ප්‍රකාශයට පත් කිරීම
- විදුලිබල අමාත්‍යාංශය, බලශක්ති අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, සහ සූර්යබල, සුළං හා ජල විදුලිජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය එක්ව තිරසර බලශක්තිය පිළිබඳ පාසල් සිසුන්ගේ දැනුම, ආකල්ප සහ නිර්මාණශීලිත්වය වැඩිදියුණු කර ගැනීම සඳහා විවිධ ක්‍රියාකාරකම් ඇතුළත් ජාතික වැඩසටහනක් සැලසුම් කර ඇත. ඊට සමගාමීව SS Helios නමැති ජර්මානු නෞකාව කොළඹ වරායට පැමිණි අවස්ථාවේදී, විදුලි පහනකින් නිකුත් වූ ආලෝකය ප්‍රථම වතාවට ශ්‍රී ලාංකිකයින්ට දැක ගැනීමට හැකි වූ දිනය වන 1882 ජුනි මස 26 දිනය සැලකිල්ලට ගෙන, වාර්ෂිකව ජුනි මස 26 දින “ජාතික බලශක්ති දිනය” ලෙස ප්‍රකාශයට පත් කිරීමට ද යෝජනා වී ඇත. ඒ අනුව, සෑම වසරකම ජුනි මස 26 දින “ජාතික බලශක්ති දිනය” ලෙස ප්‍රකාශයට පත් කිරීමටත්, පාසල් සිසුන් දැනුම්වත් කිරීම සඳහා යෝජිත වැඩසටහන සෑම වසරකම ජුනි මස 26 දිනෙන් ආරම්භව ඊළඟ වර්ෂයේ ජුනි මස 26 දින දක්වා ක්‍රියාත්මක කර ජාතික ත්‍යාග ප්‍රදානෝත්සවයකින් අවසන් කිරීමටත් විදුලිබල අමාත්‍යතුමා සහ බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.