• Increase font size
  • Default font size
  • Decrease font size

2021-06-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනතට සිදුකරනු ලබන සංශෝධනය (පූර්ව නඩු විභාග කාර්ය පටිපාටිය)
- මහාධිකරණවලදී පූර්ව නඩු විභාග සම්මේලන පැවැත්වීම සම්බන්ධයෙන් නව විධිවිධාන හඳුන්වා දීම සඳහා 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනතට සංශෝධන හඳුන්වා දීම පිණිස 2018 පෙබරවාරි මස 14 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. එකී අනුමැතිය පරිදි නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සඳහා නීතිපතිවරයාගේ නිෂ්කාශනය ලැබී තිබේ. ඒ අනුව, එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.