• Increase font size
  • Default font size
  • Decrease font size

2021-06-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පොහොර කළමනාකරණය හා නියාමනය විධිමත් කිරීම උදෙසා දැනට පවතින නීති රාමුව කාලානුරූපීව ශක්තිමත් කිරීම
- පොහොර නිෂ්පාදනය, සකස් කිරීම, ආනයනය හා බෙදා හැරීම විධිමත් කිරීම හා ඊට අදාළ කරුණු සම්බන්ධයෙන් විධිවිධාන පනවමින් 1988 අංක 68 දරන පොහොර විධිමත් කිරීමේ පනත හඳුන්වා දී ඇත. එම පනතේ ඇතැම් විධිවිධාන වර්තමාන අවශ්‍යතාවන්ට ප්‍රමාණවත් නොවන බැවින් හා නොගැළපෙන බැවින් ගැටලු පැන නැඟී තිබේ. විශේෂයෙන්ම, "රට හදන සෞභාග්‍යයේ දැක්ම" රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව කාබනික පොහොර භාවිතය රට තුළ මුළුමනින්ම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බැවින්, ඒ සම්බන්ධයෙන් විධිවිධාන පනතට ඇතුළත් කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇත. එබැවින්, 1988 අංක 68 දරන පොහොර විධිමත් කිරීමේ පනත වෙනුවට වර්තමාන අවශ්‍යතාවන්ට ගැළපෙන විධිවිධාන ඇතුළත් කරමින් නව පනතක් හඳුන්වා දීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස කෘෂිකර්ම අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.