• Increase font size
  • Default font size
  • Decrease font size

2021-06-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
‍2003 අංක 09 දරන පා‍රිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත සංශෝධනය කිරීම
- පා‍රිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීම පිණිස 2018 සැප්තැම්බර් මස 03 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, සකස් කරන ලද පනත් කෙටුම්පත තවදුරටත් විධිමත් කිරීමේ අවශ්‍යතාව නීතිපති විසින් පෙන්වා දී තිබේ. එසේම, වත්මන් අවශ්‍යතාවන්ට අනුව එකී පනත් කෙටුම්පතට තවදුරටත් ඇතුළත් කළ යුතු විධිවිධාන වෙළෙඳ අමාත්‍යාංශය විසින් හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, හඳුනාගනු ලැබ ඇති විධිවිධාන ද ඇතුළත් කරමින් නීති කෙටුම්පත් සම්පාදක මඟින් එකී පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස වෙළෙඳ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.