• Increase font size
  • Default font size
  • Decrease font size

2021-06-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1991 අංක 25 දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ පනත සඳහා සංශෝධන
- වර්තමානයේ ක්‍රියාත්මක වන 1991 අංක 25 දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ පනත සහ ඊට අදාළ සංශෝධන මඟින් විදුලි සංදේශ නියාමනය සඳහා අවශ්‍ය බලතල පමණක් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට ලැබී ඇත. එම පනත සංශෝධනය කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව විසින් මූලික කෙටුම්පතක් සකස් කර තිබෙන නමුත් වර්තමාන අවශ්‍යතාවන්ට ගැළපෙන අයුරින් එම කෙටුම්පත තවදුරටත් සංශෝධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇත. ඒ අනුව අවශ්‍ය විධිවිධාන ඇතුළත් කරමින් 1991 අංක 25 දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ පනත (සංශෝධිත) සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීම පිණිස තාක්ෂණ අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.