• Increase font size
  • Default font size
  • Decrease font size

2021-06-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දේශීය කර්මාන්ත ශක්තිමත් කිරීම හා ප්‍රවර්ධනය කිරීම සඳහා වන උපදේශක සභා පිහිටුවීම
- රේඛීය අමාත්‍යාංශ, අනෙකුත් අදාළ ආයතන හා කර්මාන්ත අංශයේ නියෝජිතයින් අතර නිසි සම්බන්ධීකරණයක් නොමැති වීම ප්‍රතිපත්ති සම්පාදනය හා ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියේදී ගැටළු සහ අනවශ්‍ය ප්‍රමාදයන් ඇති කිරීමට හේතු වී ඇත. අදාළ පාර්ශ්වයන් අතර සම්බන්ධීකරණය ඇති කිරීමේ අරමුණින් 1990 අංක 46 දරන කර්මාන්ත ප්‍රවර්ධන පනතේ විධිවිධාන අනුව කර්මාන්ත පිළිබඳ උපදේශක සභාවක් පිහිටුවීමට හැකියාව පැවතියද ඒ අනුව මේ දක්වා අවශ්‍ය පියවර ගෙන නොමැත. කර්මාන්ත අංශයේ වර්තමාන අවශ්‍යතාවන්ට ගැළපෙන විධිවිධාන ඇතුළත් කරමින් 1990 අංක 46 දරන කර්මාන්ත ප්‍රවර්ධන පනත සංශෝධනය කිරීම සඳහා මේ වන විට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතී. එකී සංශෝධන හඳුන්වා දෙනු ලබන තෙක් ප්‍රධාන කර්මාන්ත ක්ෂේත්‍රයන් 20ක් සඳහා එම ක්ෂේත්‍රයන්හි වාණිජ මණ්ඩල / සම්මේලන, විශ්වවිද්‍යාල හා පර්යේෂණ ආයතන සහ අදාළ කර්මාන්ත ක්ෂේත්‍රයේ විශේෂඥයින්ගෙන් සමන්විත උපදේශක සභා පත් කිරීම පිණිස කර්මාන්ත අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.