• Increase font size
  • Default font size
  • Decrease font size

2021-06-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් භුක්තිවිඳිනු ලබන ජා-ඇල, ඒකල පිහිටි කුරුඳුවත්ත ඉඩම සඳහා නිදහස් දීමනා පත්‍රයක් මඟින් හිමිකම පවරා ගැනීම
- ජා-ඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඒකල කුරුඳුවත්ත පිහිටි අක්කර 23 රූඩ් 01 පර්චස් 16.5ක් වන ඒකල එස්ටේට් නමැති ඉඩමේ භුක්තිය, ඉඩම් අත්කර ගැනීමේ පනතේ 44 වන වගන්තියේ විධිවිධාන පරිදි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙත 2017 වර්ෂයේදී භාර දී ඇති නමුත් මෙතෙක් එය දීමනා පත්‍රයක් මඟින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙත පවරා නොමැත. වසර 50කට ආසන්න කාලයක් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් භුක්තිවිඳ ඇති මෙම ඉඩමෙහි කොටසක මේ වන විට ජා-ඇල ගමනාගමන ඩිපෝවේ ගබඩා පවත්වාගෙන යනු ලබන අතර, තවත් අක්කර 17ක පමණ භුමි ප්‍රමාණයක රජයට අයත් සීමාසහිත ලක්දිව ඉංජිනේරු පුද්ගලික සමාගමේ බස් බොඩි සකස් කිරීමේ හා අනෙකුත් ව්‍යාපෘති ක්‍රියාත්මක වේ. රජයේ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තුවලට අයත් අබලන් වාහන අලුත්වැඩියා කිරීමේ හා සේවා කිරීමේ මධ්‍යස්ථානයක් ආරම්භ කර පවත්වාගෙන යාම සඳහා සීමාසහිත ලක්දිව ඉංජිනේරු පුද්ගලික සමාගම සැලසුම් කර ඇත. එම ව්‍යාපෘතිය ඇතුළුව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හා සීමාසහිත ලක්දිව ඉංජිනේරු පුද්ගලික සමාගමේ ආයෝජන කාර්යයන් සඳහා එකී ඉඩම යොදා ගැනීමට හැකි වන පරිදි නිදහස් දීමනා පත්‍රයකින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙත පවරා ගැනීමටත්, රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්වය හරහා යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටත් ප්‍රවාහන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.