• Increase font size
  • Default font size
  • Decrease font size

2021-06-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාව - 2020 (අවසාන අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාව)
- 2003 අංක 03 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම) ප‍නතෙහි 13 වන වගන්තියෙහි දැක්වෙන පරිදි වා‍ර්ෂික වාර්තාව (අවසාන අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාව) මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුව හා මහජනතාව වෙත මුදල් වර්ෂය අවසන් වීමෙන් පසු මාස 05ක් ගත වීමට පෙර ඉදිරිපත් කළ යුතුව ඇත. ඒ අනුව පිළියෙල කර ඇති 2020 වාර්ෂික වාර්තාව 2021 වර්ෂයේ මැයි මස 31 දින ප්‍රකාශයට පත් කර ඇත. කොවිඩ් 19 වසංගතයේ බලපෑම සහ එමඟින් ආර්ථික විචල්‍යයන්ට වූ බලපෑම අවම කිරීමට ගන්නා ලද ක්‍රියාමාර්ග ඇතුළුව රාජ්‍ය මූල්‍ය ප්‍රවණතා, 2020 වසරේ ආර්ථික සංවර්ධනය, ලෝක ආර්ථික සංවර්ධනයන් සහ මූර්ත අංශය, දේශීය ඉල්ලුම සහ සැපයුම, ආයෝජන හා ඉතුරුම්, විදේශ අංශයේ සහ මුදල් අංශයේ සංවර්ධනයන්, උද්ධමනය යනාදී අංශ ආවරණය කරමින් සාර්ව ආර්ථික සහ සමාජ ආර්ථික දර්ශක පිළිබඳ විග්‍රහයක් මෙම වාර්තාවෙන් ඉදිරිපත් කර තිබේ. එමෙන්ම, රාජ්‍ය ආදායම සහ වියදම, මූල්‍ය ප්‍රවාහ කළමනාකරණය, අයවැය හිඟය මූල්‍යයනය කිරීම සහ රාජ්‍ය ණය ව්‍යූහය ඇතුළත් අවසාන අයවැය තත්ත්වය පිළිබඳ සවිස්තරාත්මක විග්‍රහයක් ද ඉහත කී වාර්තාවේ අන්තර්ගත වේ. එම වාර්ෂික වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීම පිණිස මුදල් අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.