• Increase font size
  • Default font size
  • Decrease font size

2021-06-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මහරගම අපේක්ෂා රෝහල සඳහා MRI(1.5T) ස්කෑනර් යන්ත්‍රයක් සැපයීම
- මහරගම අපේක්ෂා රෝහල සඳහා MRI (1.5T) ස්කෑනර් යන්ත්‍රයක් සැපයීම, ස්ථාපනය කිරීම, ක්‍රියාත්මක කරවීම සහ නඩත්තු කිරීම සඳහා වන ප්‍රසම්පාදනය සඳහා ජාතික තරගකාරී ලංසු කැඳවා තිබේ. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කළ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය හා ඒ සම්බන්ධයෙන් ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලය විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශය පරිදි MRI(1.5T) ස්කෑනර් යන්ත්‍රයක් සැපයීමේ ප්‍රසම්පාදනය M/s Technomedics International (Pvt) Ltd ආයතනය වෙත පිරිනැමීම පිණිස සෞඛ්‍ය අමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.