• Increase font size
  • Default font size
  • Decrease font size

2021-06-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2021 ජුනි මස 01 දින සිට 2022 ජනවාරි මස 31 දින දක්වා මාස 08ක කාලයක් සඳහා ඩීසල් ආනයනය කිරීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීම
- 2021 ජුනි මස 01 දින සිට 2022 ජනවාරි මස 31 දින දක්වා මාස 08ක කාලයක් සඳහා ඩීසල් (උපරිම සල්පර් ප්‍රතිශතය 0.05) බැරල් 1,137,500ක් සහ ඩීසල් (උපරිම සල්පර් ප්‍රතිශතය 0.001) බැරල් 262,500ක් ආනයන කිරීමේ දිගුකාලීන කොන්ත්‍රාත්තුව සඳහා ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන් වෙතින් ලංසු කැඳවා ඇත. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි අදාළ කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවේ M/s Petrochina International (Singapore) Pte. Ltd වෙත පිරිනැමීම පිණිස බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.