• Increase font size
  • Default font size
  • Decrease font size

2021-06-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රාජ්‍ය ආයතන සඳහා වන රෙදිපිළි අවශ්‍යතා පළාත් මට්ටමින් දේශීය නිෂ්පාදකයින් වෙතින් මිල දී ගැනීම
- සම්මත ප්‍රමිතියකට යටත් නොවන තත්ත්වයෙන් බාල ආනයනයන් දේශීය වෙළෙඳපොළ ආක්‍රමණය කිරීම සහ අමුද්‍රව්‍ය 70%ක් පමණ ආනයනය කිරීම නිසා නිෂ්පාදන පිරිවැය ඉහළ යාම වර්තමානයේ රෙදිපිළි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන කර්මාන්තයේ යෙදී සිටින දේශීය නිෂ්පාදකයන් මුහුණපාන ගැටලු ලෙස හඳුනාගෙන ඇත. එබැවින්, එම ගැටලුවලට මුහුණ දීමට දේශීය රෙදිපිළි නිෂ්පාදකයින්ට හැකි වන පරිදි එක් එක් පළාත තුළ රාජ්‍ය ආයතනවලට අවශ්‍ය වන බතික්, අත්යන්ත්‍ර හා දේශීය රෙදිපිළි ඒ ඒ පළාතේ දේශීය නිෂ්පාදකයින් වෙතින් මිල දී ගැනීමටත්, එකී රෙදිපිළි අවශ්‍යතාවන් එම පළාතේ නිෂ්පාදකයින් වෙතින් සපුරා ගත නොහැකි අවස්ථාවලදී වෙනත් පළාතක නිෂ්පාදකයින් වෙතින් මිල දී ගැනීමටත් හැකි වන පරිදි විධිවිධාන සැලසීම පිණිස බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය ඇමතිතුමාගේ නිර්දේශය පරිදි කර්මාන්ත අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.