• Increase font size
  • Default font size
  • Decrease font size

2021-06-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මන්නාරම සුළං බලාගාරය ඉදිකිරීම
- ත්‍රිකුණාමලය, මන්නාරම, මාදම්පේ, බෝලවත්ත සහ කප්පල්තුරේ පිහිටි ග්‍රිඩ් උපපොළ 05ක් සඳහා මෙගාවොට් 60ක සුළංබල ධාරිතාවක් එක් කිරීම පිණිස 2019 ජනවාරි මස 29 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී ඇත. ඒ අනුව, එම ව්‍යාපෘතිය යටතේ මන්නාරම ග්‍රිඩ් උපපොළ සඳහා වන සුළං බලාගාරය ඉදි කිරීම සහ සම්ප්‍රේෂණ ජාලයට සම්බන්ධ කිරීම සඳහා ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවා තිබේ. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා කමිටුවේ නිර්දේශ පරිදි විසි අවුරුදු මෙහෙයුම් කාලසීමාවක් සඳහා ගොඩනැඟීම, අයිතිකර ගැනීම, මෙහෙයවීම පදනම මත අදාළ සුළං බලාගාරය ඉදි කිරීම සහ මන්නාරම ග්‍රිඩ් උපපොළේ සම්ප්‍රේෂණ ජාලයට සම්බන්ධ කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව Hiruras Power (Pvt) Ltd. වෙත ප්‍රදානය කිරීම පිණිස විදුලිබල අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.