• Increase font size
  • Default font size
  • Decrease font size

2021-06-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සුළු හිමිකම් අධිකරණ පිහිටුවීම
- දිවුරුම් දුන් භාෂා පරිවර්තකවරුන් පත් කිරීම සහ අධීක්ෂණය කිරීම විධිමත් කිරීම සඳහාත්, ඒ සම්බන්ධයෙන් දැනට පවතින විධිවිධානවල අපැහැදිලි බව ඉවත් කිරීම සඳහාත් යෝග්‍ය පරිදි සිවිල් නඩු විධාන සංග්‍රහයේ XVI වන පරිච්ඡේදයේ දැක්වෙන විධිවිධාන සංශෝධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, සිවිල් නඩු විධාන සංග්‍රහයේ XVI වන පරිච්ඡේදයේ 118, 119 සහ 120 යන වගන්ති සංශෝධනය කිරීමටත්, ඒ සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමටත් අධිකරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

* සුළු හිමිකම් අධිකරණ පිහිටුවීමට අවශ්‍ය විධිවිධාන සැලසෙන අයුරින් 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත‍ සංශෝධනය කිරීම.

* සුළු හිමිකම් අධිකරණ සම්බන්ධ විශේෂ කාර්ය පටිපාටිය සඳහා විධිවිධාන සැලසීම සඳහා නව නීති හඳුන්වා දීමට හැකි වන පරිදි පනත් කෙටුම්පතක් සම්පාදනය කිරීම.