• Increase font size
  • Default font size
  • Decrease font size

2021-06-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පළාත් සභා මඟින් පාලනය වන තෝරාගත් දිස්ත්‍රික් මහ රෝහල් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාලනය යටතේ වැඩිදියුණු කිරීම
- ශ්‍රී ලංකා ජාතික රෝහලේ පවතින වෛද්‍ය ප්‍රතිකාර, ශල්‍යාගාර සහ රසායනාගාර පහසුකම්වලට සමාන පහසුකම් ලබා දෙමින් සෑම දිස්ත්‍රික්කයකම තෝරා ගත් එක් රෝහලක් වැඩි දියුණු කිරීමට රජය විසින් සැලසුම් කර ඇත. ඒ අනුව, දැනට පළාත් සභා මඟින් පාලනය‍ කෙරෙන සහ තෘතීයික සෞඛ්‍ය සේවා ආයතන කාණ්ඩය යටතට ගැනෙන මාතලේ, නාවලපිටිය, ඇඹිලිපිටිය, අවිස්සාවේල්ල, ගම්පහ, මන්නාරම, වවුනියාව, කිලිනොච්චිය සහ මුලතිව් යන දිස්ත්‍රික් මහ රෝහල්, ඒවායේ සේවා සැපයීමේ ගුණාත්මකභාවය, සමානාත්මතාව සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා සහ පහසුවෙන් පරිපාලන කටයුතු සිදු කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාලනය යටතට පත් කිරීම යෝග්‍ය බව හඳුනාගෙන තිබේ. ඒ අනුව, එකී අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා එම දිස්ත්‍රික් මහ රෝහල් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාලනය යටතට පත් කිරීම පිණිස සෞඛ්‍ය අමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.