• Increase font size
  • Default font size
  • Decrease font size

2021-06-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2021 දෙසැම්බර් 13 සිට 18 දක්වා ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිත අස්පර්ශනීය සංස්කෘතික උරුමයන් සුරැකීම (ICH) පිළිබඳ යුනෙස්කෝ අන්තර්රාජ්‍ය කමිටුවේ 16 වන සැසිවාරය සඳහා සත්කාරකත්වය සැපයීම
- ශ්‍රී ලංකාව අස්පර්ශනීය සංස්කෘතික උරුමයන් සුරැකීම පිළිබඳ යුනෙස්කෝ සම්මුතියෙහි පාර්ශ්වකරුවෙක් වන අතර වර්තමානයෙහිදී එහි අන්තර්රාජ්‍ය කමිටුවෙහි සාමාජිකයෙකු වශයෙන් ද කටයුතු කරනු ලබයි. එම අන්තර්රාජ්‍ය කමිටුවේ 16 වන සැසිවාරය 2021 දෙසැම්බර් මස 13 දින සිට 18 දින දක්වා කොළඹදී පැවත්වීම සඳහා සත්කාරකත්වය දැරීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමි වී ඇත. අදාළ සැසිවාරය සඳහා යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු යුනෙස්කෝ මහ ලේකම් කාර්යාලයේ 30 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් සහ සාමාජික රාජ්‍ය 195ක නියෝජිතයින් හා දූත කණ්ඩායම් ඇතුළුව 1000ක පමණ විදේශීය නියෝජිත පිරිසක් මෙරටට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඒ අනුව, රැස්වීමේ සත්කාරකත්වය දැරීම සඳහා සකස් කරනු ලැබ ඇති වැඩ සැලැස්ම පරිදි ඉදිරි කටයුතු කිරීම පිණිස අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.