• Increase font size
  • Default font size
  • Decrease font size

2021-06-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොවිඩ් - 19 සංචරණ සීමා පවතින කාලසීමා තුළ ගොවීන්ට අලෙවි කර ගත නොහැකි අතිරික්ත එළවළු හා පළතුරු තොග රජය මඟින් මිල දී ගෙන බෙදා හැරීම
- රජය විසින් දීපව්‍යාප්තව පනවන ලද සංචරණ සීමා හේතුවෙන් සිය නිෂ්පාදිත විශේෂයෙන්, එළවළු සහ පළතුරු සාමාන්‍ය පරිදි ප්‍රවාහනය කිරීමට හා වෙළඳාම් කිරීමට නොහැකි වීම මත විනාශ වීම හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ගොවීන් මෙන්ම මහා පරිමාණ ගොවීන් ද විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දෙන බව පෙනී ගොස් ඇත. තවද, පාරිභෝගිකයා ද සාධාරණ මිලකට සුදුසු එළවළු හා පළතුරු හිඟ වීමේ ගැටළුවකට මුහුණ දී සිටී. ඒ අනුව, සංචරණ සීමා පවතින අවස්ථාවලදී අළෙවි කරගත නොහැකිව පවතින එළවළු හා පළතුරු තොග දිස්ත්‍රික් මිල කමිටුවේ මිල ගනන් යටතේ දිස්ත්‍රික් ලේකම්වරුන්/දිසාපතිවරුන් මඟින් මිලදී ගැනීමටත්, එසේ මිලදී ගනු ලබන එළවළු හා පළතුරු තොග සංචරණ සීමා අවසන් වන තෙක් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන, සියලුම රජයේ රෝහල්, ත්‍රිවිධ හමුදාවන් හා අවතැන් කඳවුරු වෙත සහ ජීවනෝපාය අහිමි පවුල්වලට අවශ්‍යතාව පරිදි නොමිලේ ලබා දීමට වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිණිස කෘෂිකර්ම අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.