• Increase font size
  • Default font size
  • Decrease font size

2021-06-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වරායෙන් නිදහස් කර ගනු නොලබන සහ ශ්‍රී ලංකා රේගුව විසින් රාජසන්තක කරනු ලබන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලංකා සතොස ආයතනය මඟින් සහන මිලකට මහජනතාවට අලෙවි කිරීම
- පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය යටතේ මහජනතාව වෙත අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පහසු මිලට හිඟයකින් තොරව ලබා දීමේ ක්‍රමවේදයක් දැනටමත් ලංකා සතොස ආයතනය විසින් ක්‍රියාත්මක කරනු ලබයි. එම ක්‍රමවේදය තවදුරටත් සාර්ථකව පවත්වාගෙන යාමට හැකි වන පරිදි ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ ශ්‍රී ලංකා රේගුව විසින් රාජසන්තක කරනු ලබන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලංකා සතොස ආයතනය වෙත ලබා දීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස වෙළෙඳ අමාත්‍යතුමා සහ වරාය හා නාවික අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.