• Increase font size
  • Default font size
  • Decrease font size

2021-06-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා මං තීරු හතරකින් සමන්විත කණු මතින් ඉදිකරනු ලබන අධිවේගී මාර්ගය ඉදි කිරීමේදී බලපෑමට ලක් වන පවුල් සඳහා නිවාස ලබා දීම
- නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා මං තීරු හතරකින් සමන්විත කණු මතින් දිවෙන අධිවේගී මාර්ගය ඉදිකිරී‍ෙම් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත. එම ව්‍යාපෘතිය සඳහා අත්කර ගෙන ඇති අනවසර පදිංචි පවුල්, අනවසර පදිංචි අනු පවුල් සහ පර්චස් 06ට අඩු ඉඩම්වල පදිංචි පවුල් මෙන්ම දෙමටගොඩ ක්‍රීඩාංගණය ඉදි කිරීමට නියමිත ඉඩමෙහි අනවසරයෙන් පදිංචි පවුල් ඇතුළුව පවුල් 1,100ක් සඳහා විකල්ප නිවාස පහසුකම් සලසා දීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇත. ඒ අනුව, නාගරික සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කරනු ලබන කොළොන්නාව, හේනමුල්ල සහ මාළිගාවත්ත යන නිවාස ව්‍යාපෘතිවලින් එම පවුල් 1,100 සඳහා අවශ්‍ය නිවාස ලබා දීම පිණිස මහාමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.