• Increase font size
  • Default font size
  • Decrease font size

2021-06-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ ප්‍රකාශයට පත් කළ නියෝග
- ටයිල් සහ සනීපාරක්ෂක සෙරමික් උපාංග ආනයනය කිරී‍මේදී අය කරනු ලබන සෙස් බද්ද සංශෝධනය කිරීම සඳහා 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝගයක් නිකුත් කර ඇත. එම නියෝගය අංක 2219/15 හා 2021 මාර්තු මස 15 දිනැති අති විශෙෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති අතර, එම පනතේ විධිවිධාන පරිදි එකී නියෝගය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස වෙළෙඳ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.