• Increase font size
  • Default font size
  • Decrease font size

2021-06-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඇල්පිටිය මහහීන්තැන්න ප්‍රදේශයේ අපනයන කෘෂි අගයදාම සංවර්ධන කර්මාන්ත කලාපය පිහිටුවීම
- අපනයන කෘෂිකර්ම ක්ෂේත්‍රයේ අගය එකතු කරන ලද නිෂ්පාදනයන් ඉහළ නැංවීම මඟින්, වෙළෙඳපොළ අවස්ථා ලබා ගැනීමට සහ උසස් තත්ත්වයේ වෙළෙඳපොළවලට පිවිසීමට හැකියාව පවතින බවත්, එමඟින් ඉහළ විදේශ විනිමය ප්‍රමාණයක් මෙරටට ගෙන්වා ගැනීමට අවස්ථාව පවතින බවත් හඳුනාගෙන ඇත. එවැනි ව්‍යාපෘති සඳහා පහසුකම් සැලසීම පිණිස ඇල්පිටිය, මහහීන්තැන්න ප්‍රදේශයේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු අක්කර 64ක භූමියක අපනයන කෘෂි අගයදාම සංවර්ධන කර්මාන්ත කලාපයක් පිහිටුවීමට සැලසුම් කර තිබේ. ඒ අනුව, එම ව්‍යාපෘතියේ පළමු අදියර වශයෙන් දැනට ක්‍රියාත්මක වන කෘෂිකර්ම අංශ නව්‍යකරණ ව්‍යාපෘතිය යටතේ ව්‍යාපාර ශක්‍යතාව ඇගයීමට ලක් කර, හඳුනාගෙන ඇති කෘෂි ව්‍යවසායකයින් 14 දෙනෙකු සඳහා ව්‍යාපෘති ආරම්භ කිරීම පිණිස ඉඩම් කොටස් ලබා දීමටත්, ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ කෘෂි ව්‍යවසායකයින් තෝරා ගැනීම සඳහා විෂයභාර රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමටත් වැවිලි අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.