• Increase font size
  • Default font size
  • Decrease font size

2021-06-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සමස්ත දිවයිනම ආවරණය වන පරිදි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් කර්මාන්ත ස්ථානගත කිරීම හා ව්‍යාපාර සංවර්ධනය සඳහා ආයෝජන අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ විශේෂ වැඩසටහන
- සංවර්ධනයේ ප්‍රාදේශීය අසමතුලිතතාව අවම කිරීම, ග්‍රාමීය සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගැනීම හා ග්‍රාමීය ප්‍රදේශවල රැකියා උත්පාදනය සඳහා යොමු වූ කර්මාන්ත ක්ෂේත්‍රයේ ව්‍යවසායකයින් දිරි ගැන්වීම අරමුණු කරගෙන කර්මාන්ත අමාත්‍යාංශය සහ තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය එක්ව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ඒ යටතේ, විශේෂයෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීම, එමඟින් ග්‍රාමීයව සවිමත් ව්‍යවසායක ජාලයක් බිහි කොට රැකියා උත්පාදනය ඉහළ නැංවීම, ප්‍රාදේශීයව විසිරී ඇති සම්පත්/අමුද්‍රව්‍ය යොදා ගනිමින් අගය එකතු කළ නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම සහ අපනයන ප්‍රවර්ධනය හා ආනයන ආදේශනය දිරිමත් කිරීම අරමුණු කර ගෙන මෙම වැඩසටහන යටතේ අවම වශයෙන් සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම එක් ව්‍යාපෘතියක් බැගින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව, යෝජිත වැඩසටහන යටතේ අවම වශයෙන් රුපියල් මිලියන 100ක ආයෝජනයක් සිදු කරන සහ රැකියා අවස්ථා 50ක් උත්පාදනය කරනු ලබන කර්මාන්ත/ව්‍යාපාර ආරම්භ කිරීමට හා පවත්නා කර්මාන්ත/ව්‍යාපාර ප්‍රවර්ධනය කරනු ලබන ව්‍යවසායකයන්/ ආයෝජකයන්හට දිරිගැන්වීමේ සහන හා පහසුකම් සලසා දීම පිණිස කර්මාන්ත අමාත්‍යතුමා සහ තරුණ හා ක්‍රීඩා අමාත්‍යතුමා ඒකාබද්ධ ව ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.