• Increase font size
  • Default font size
  • Decrease font size

2021-06-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාල හා විදේශීය විශ්වවිද්‍යාල අතර අධ්‍යාපනික සහයෝගිතාව අරමුණු කර ගනිමින් අවබෝධතා ගිවිසුම් සඳහා එළඹීම
- රජයේ ප්‍රතිපත්ති රාමුවට අනුකූලව මෙරට විශ්වවිද්‍යාල ලෝක ශ්‍රේණිගත කිරීමේ දර්ශකවල ඉහළ අගයකට ඔසවා තැබීම උදෙසා විදේශීය විශ්වවිද්‍යාලයන් සමඟ උසස් අධ්‍යාපන සහයෝගිතාව වර්ධනය කර ගැනීමේ අරමුණින් පහත සඳහන් අවබෝධතා ගිවිසුම්වලට එළඹීම පිණිස අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

* ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ ඉන්දියාවේ මනිපාල් උසස් අධ්‍යාපන ඇකඩමියේ මනිපාල් ජීවන විද්‍යා විද්‍යායතනය අතර ඒකාබද්ධ සහයෝගිතා ක්‍රියාකාරකම් සඳහා වන අවබෝධතා ගිවිසුම.

* පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ කලාපීය සහයෝගීතාව සඳහා වූ දකුණු ආසියා රටවල සංගමයේ කෘෂිකර්ම මධ්‍යස්ථානය අතර ඒකාබද්ධ තාක්ෂණික සහයෝගිතා ක්‍රියාකාරකම් සඳහා වන අවබෝධතා ගිවිසුම.

* කොළඹ විශ්වවිද්‍යාලය සහ මැලේසියාවේ මලයා විශ්වවිද්‍යාලය සමඟ වන අවබෝධතා ගිවිසුම

* ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ ඕස්ට්‍රේලියාවේ තෘතීයික අධ්‍යාපනික ගුණාත්මක හා ප්‍රමිති නියෝජිතායතනය අතර තොරතුරු හුවමාරුව, තත්ත්ව සහතික කිරීමේදී සහයෝගීතාවය සහ ආයතන ජාලගත කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුම.

* පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ කෘෂිකාර්මික ව්‍යාප්ති අධ්‍යයන අංශය සහ කැනඩාවේ ඇල්බර්ටා විශ්වවිද්‍යාලයේ ව්‍යාප්ති පීඨය සමඟ වන අවබෝධතා ගිවිසුම.