• Increase font size
  • Default font size
  • Decrease font size

2021-05-31 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පෙර පාසල් ගුරුවර/ගුරුවරියන් සඳහා "ගුරු අභිමානී" දීමනාව ලබා දීම
- “රට හදන සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති රාමුව තුළ පෙර පාසල් ගුරුවර/ගුරුවරියන් මානව සම්පත් සංවර්ධනයේ ප්‍රධාන පාර්ශ්වයක් ලෙස හඳුනාගනිමින් පෙර පාසල් ගුරුවර/ගුරුවරියන් වෙත යම් නිශ්චිත පුහුණුවක් ලබා දීමෙන් අනතුරුව ඔවුන් සඳහා ස්ථිර දීමනාවක් ලබා දීම සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කර ඇත. ඒ අනුව, පෙර පාසල් ගුරුවර/ගුරුවරියන් සඳහා දැනට ගෙවනු ලබන රුපියල් 250/-ක මාසික දීමනාව රුපියල් 2,500/- දක්වා ඉහළ නැංවීම යෝග්‍ය බව හඳුනාගෙන තිබේ. ඒ අනුව, 2021 ජුනි මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි රජය විසින් පෙර පාසල් ගුරුවර/ගුරුවරියන් සඳහා දැනට ගෙවනු ලබන රුපියල් 250/-ක මාසික දීමනාව, හඳුනාගත් නිර්ණායක මත පදනම්ව සුදුසුකම් ලබන පෙර පාසල් ගුරුවර/ගුරුවරියන් සඳහා රුපියල් 2,500/-ක් දක්වා ඉහළ නැංවීමටත්, එහි පළමු අදියර ලෙස පෙර පාසල් ගුරුවර/ගුරුවරියන් 25,000ක් සඳහා එම දීමනාව ලබා දීමටත් අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.