• Increase font size
  • Default font size
  • Decrease font size

2021-05-31 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සීමාසහිත ශ්‍රීලංකන් එයාර්ලයින්ස් (SLA) සමාගම සඳහා බිම් මෙහෙවර සේවා නියෝජිතයන් තෝරා ගැනීම
- සීමාසහිත ශ්‍රීලංකන් එයාර්ලයින්ස් (SLA) සමාගම වෙත බැංකොක් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සහ ලන්ඩන් හීත්‍රෝ ජාත්‍යන්තර ගුවන්තොටුපොළවල්වලදී බිම් මෙහෙවර සේවා නියෝජිතයන් තෝරා ගැනීම සඳහා සීමිත ජාත්‍යන්තර ලංසු කැඳවීමේ ක්‍රමවේදය අනුගමනය කරමින් යෝජනා කැඳවා ඇත. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි වසර 03ක කාලයක් සඳහා පහත සඳහන් කොන්ත්‍රාත්තු පිරිනැමීම පිණිස සංචාරක අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

* බැංකොක් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ බිම් මෙහෙවර සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව බැංකොක් ‍ෆ්ලයිට් සර්විසස් ආයතනය වෙත පිරිනැමීම.

* ලන්ඩන් හීත්‍රෝ ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මගීන් සහ ගුවන් යානා ජංගම සෝපානය හැසිරවීමේ සේවා කොන්ත්‍රාත්තුව ඩනාටා ලිමි‍ටඩ් ආයතනය වෙත පිරිනැමීම.

* ලන්ඩන් හීත්‍රෝ ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ භාණ්ඩ හැසිරවීමේ සේවා කොන්ත්‍රාත්තුව වර්ල්ඩ්වයිඩ් ෆ්ලයිට් සර්විසස් ලිමිටඩ් වෙත පිරිනැමීම.