• Increase font size
  • Default font size
  • Decrease font size

2021-05-31 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බෙවසිසුමැබ් ඉන්ජෙක්ෂන් 100mg/4ml වයල්ස් 32,000ක් ප්‍රසම්පාදනය කිරීම
- ඇතැම් පිළිකා සඳහා ප්‍රතිකාර කිරීමට භාවිත කරනු ලබන මෙම ඖෂධය මිල දී ගැනීම සඳහා ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවා ඇත. ඒ සඳහා ලංසු 04ක් ඉදිරිපත් වී ඇති අතර අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, බෙවසිසුමැබ් ඉන්ජෙක්ෂන් 100mg/4ml වයල්ස් 32,000ක ප්‍රසම්පාදනය M/s Medmart Pharma (Pvt) Ltd. වෙත ශ්‍රී ලංකා රුපියල් මිලියන 220.8ක මුදලකට පිරිනැමීම පිණිස සෞඛ්‍ය අමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.